Tuesday, January 17, 2012

පෙරපාසල්-මට තවම මතකය

දෙගුරුන්ගෙන් මුල් අකුරු ඉගෙනගත් කාලයෙන් පසු පෙරපාසල් යාමට කාලය එළඹ තිබුණි. මා මුලින්ම පෙරපාසලට බාර දුන් දිනය මට තවමත් මතකය. එදින අම්මා මාව පෙර පාසලේ තබා ආපසු යන්නට යන විට හඬමින් ඉන්නට බෑ කියූ හැටි තවමත් මතකය. අපේ පෙර පාසල තිබුනේ අපේ නිවසේ සිට කිලෝමීටරයකට අඩු දුරකිනි. එදින ගුරුතුමියට හොරෙන් පෙර පාසලෙන් පැන පාර දිගේ ගෙදර යන්නට ආ හැටිත් එය ආරංචි වී මාව රැගෙන යාමට අම්මා පැමිණි සැටිත් මට තවම මතකය. පෙරපාසලේ ගුරුතුමිය සහ යහලුවන් බොහොමයක් තවමත් මතකය.

බෑ බෑ අම්මෙ මට ඉන්නට බෑ අම්මේ
අකුරු කරන්නට බැහැ අම්මා නැතුව
යන්නට එපා අම්මේ මා මෙහි තියලා
ගියොත් එමි මමත් ආපසු ගෙදර බලා


No comments:

Post a Comment