Monday, January 16, 2012

SVN Repositories

SVN Repositories නැතහොත්   Subversion යනු ආරක්ෂිත, එමෙන්ම files සහ source code කාලයත් සමග manage කිරීමට යොදාගන්නා online Version Control System වේ. මේවා project management tools ලෙස භාවිතා වේ. Repository එකක් සාමාන්‍ය file server එකක් මෙන් file store කිරීමට සහ transfer කිරීමට යොදාගන්නා අතර web එක හරහා access කරනු ලැබේ. නමුත් ප්‍රධාන වෙනස වන්නේ Subversion Repository එකක් files සහ directories වලට කරනු ලබන වෙනස්කම් මතකයේ තබා ගැනීමයි. මේ නිසා පැරණි versions recover කර ගැනීමට සහ අධීක්ෂණය කිරීමට යොදා ගත හැකිය. TortoiseSVN යනු එවැනි එක්  version controle system එකකි.

TortoiseSVN Setup කිරීම (Windows සඳහා).

පළමුව online repository space එක ලබා ගත යුතුය. මේ සඳහා පහත link එකෙන් ගොස් Signup වීමෙන් නොමිලයේ space එකක් ලබා ගත හැකිය. Signup වූ පසු Repositories --> new Repositories යන්නෙන් new Repository එකක්ද සාදා ගත යුතුය.


ඉන් පසුව TortoiseSVN setup එක download කර install කළ යුතුය. එය පහත link එකෙන් download කළ හැකිය.


install කළ පසු desktop මත හෝ folder එකක් මත right click කළ විට අලුත් controls දෙකක් ඇති බව දැක ගත හැකිය.

ඉන් පසුව tortoisesvn, unfuddle account එක සඳහා configure කිරීමට ඉහත කී controls දෙකෙන් SVN Checkout යන්න තොරන්න.

එවිට ලැබෙන checkout window එකට, URL of Repository යන්නට සාදාගෙන ඇති unfuddle new Repository එකේ path එක ලබා දෙන්න. Checkout Directory යන්නට, local machine එකේ project files save කිරීමට අදහස් කරන folder එකේ path එක ලබා දෙන්න. මෙහිදී සාදන ලද unfuddle account එකේ username and password ලබා දීමටද සිදු වේ.

Document එකක් SVN සමග link කිරීමට, Right Click on the Document --> TortoiseSVN --> Add

මේ ආකාරයට Document or Folder/Directory මත click කර Update, Commit වැනි අනෙකුත් කාර්යයන් කර ගත හැකිය.

A good tutorial for SVN Repository for further understanding and usage.

No comments:

Post a Comment